හරේ රාමා
මේ අවුරුද්දේ බ්ලොග් මැරතන් දුවන්න බැරිවුණා. මැරතන් දුවන අයට සහ ටී.කේ. ලට යටිතල පහසුකම් සැපයීම ගැන සලකා බලන්න තිබුණ නිසා
ඒත් තිළිණ ජංගම දුරකථනයක් අරන් සෙල්ලමක් පටන් ගත්තු නිසා මං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරන් පොඩි සටහනක් දාන්න බැලුවා. මේ සටහන පසුගිය දිනක සංසරණය වුණු වගේම මටත් ලැබුණු විද්‍යුත් ලිපියක් ගැනයි.
ඔබ කවුරුත් දකින්න ඇති පසුගිය දිනවල වන්නි මෙහෙයුමේ විස්තර ජාතික රූපවාහිනියෙන් රටට ගෙනා සමන් කුමාර රාමවික්‍රම නම් මාධ්‍යවේදියා ලැප්ටොප් කිහිපයක් සහ ඩිජිටල් කැමරා කිහිපයක් අනවසරයෙන් ගෙන එද්දී … කාටත් තේරෙන විදිහට කිවුවොත් හොරකම් කරගෙන එද්දී මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියත් ඒ හා බැඳුණු නාට්යනුසාරී වැඩ සටහනත්..එහි නවතම අවස්ථාව වී තිබෙන්නේ රාමවික්රමගේ වික්‍රමය සුද්ධ කරමින් එය එල්.ටී.ටී.ඊ. හිතවාදී අන්තර්ජාල කල්ලියක් විසින් ගෙන යන ප්‍රචාරයක් බව හුවා දක්වමින් ”අපේ රාමා” “ජාතික වීරයා” ” රාමා සුරකිමු” වැනි තේමා පාඨ ඔස්සේ අප වෙත විද්‍යුත් ලිපි එවීමයි. මේ විද්‍යුත් ලිපි අප වෙත එන්නේ අපගේ අවසරයකින් තොරවයි. ඒ ක්‍රියාවම සදාචාරයකින් තොර දෙයක් නිසා එහි අන්තර්ගතය ගැන අමුතුවෙන් කතා කළයුතු නැහැ. ඒ සඳහා රාමවික්‍රම හිතවාදී පිරිස් මෙවර අවුරුදු උත්සවය පවා යොදා ගත්තා.
මේ සටහන රාමවික්රමගේ රාජකාරි කෞශල්‍යය ගැන කරන කතාවක් නෙවෙයි. නමුත් ඇත්ත දන්නා පුද්ගලයින් දන්නවා ඇතැම් විට වන්නිය ට නොගොස් වවුනියාවේ සිට පරණ විෂුවල්ස් මගින් යුද තොරතුරු මේ පුද්ගලයාම රූපවාහිනිය හරහා ලොවට කිවු බව. නමුත් එයට බොරු යැයි කියා ඇඟිල්ල දිගු කිරීමට කෙනෙකු නැහැ. මක් නිසාද යත් ඒ මොහොතේ ඒ පුවතට අදාල පුද්ගලයින් සියලු දෙනා යුද පෙරමුණේ සටන් වදිමින් සිටින නිසා..ඔවුන්ට රූපවාහිනියක් නැරඹීමේ පහසුකම් නැහැ.
අනෙක් කරුණ මේ විද්‍යුත් ලිපියේ කියනවා රාමවික්‍රම යුද හමුදාවේ සේවය කළ කෙනෙකු නිසා ඔහුට මනා පන්නරයක් ඇති බව යුද පුවත් ගෙන එන්නට. භීෂණ කාලයේ කිසිවෙකුත් රූපවාහිනී පුවත් කියන්න ට ඉදිරිපත් නොවු නිසා ඔහු ඒ අභියෝගය භාරගත් බව..නමුත් ඔය කියන භිෂණ කාලයේ ඔහු හිටියේ ලක්හෙඬේ බව යි රූපවාහිනියේ අන් අය කියන්නේ..
තවද මේ විද්‍යුත් ලිපියේ කියැවෙනවා ලෝකයේ සිටින ප්රබලතම ත්‍රස්තවාදී සංවිධානය රාමවික්‍රම විසින් කොල්ල කා ඇති නිසා ඔහු ජාතික වීරයෙකු බව..හොරකම නම් කොහොම කළත් හොරකමම මයි. හොරකමක් නිසා ජාතික වීරයකු වන බව අපේ ආගම දහම අනුව අපට නම් උගන්වා නැහැ. අනෙක රාමවික්‍රම විසින් එල්ටිටීය කොල්ල කා නැහැ. හමුදාවන් විසින් අත්පත් කර ගන්නා ලද එල්ටීටීයට අයත් බඩු භාණ්ඩ හොරෙන් රැගෙන ඒම පමණයි ඔහු කර ඇත්තේ..මේක ත්‍රස්තවාදී සංවිධානයක් කොල්ල කෑමක් නෙවෙයි.. මහ දවාලේ කරන ලද හොරකමක්.
මේ ගැන කියන්න පුලුවන් පිරිසකට ඉන්නේ යුද හමුදාවේ වන්නි පෙරමුණේ සිටින සොල්දාදුවන් පමණයි. නමුත් රාමවික්‍රමට අන්රව සියලු යුද ජයග්‍රහණ අත් පත් කරගනු ලබන්නේ 58 වන හමුදා බල සේනාංකය නිසා ඔවුන්ගෙන් ඒ ගැන ඇසීමෙන් පලක් වේවිද කියා සැකයක් මතුවෙනවා. රාමවික්‍රම තම බලය යුද හමුදා සෙබළුන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට ගොස් හමුදා ප්රධානියෙකුගෙන් තිත්ත කතාවෙන් අසා ගත් හැටි 55 වන සේනාංකය පැත්තේ යන කෙනෙකුට අසා දැනගන්නට පුළුවන්.
මාධ්‍යවේදීන් වේවා වෙන යම් කෙනෙකු වේවා සිය රාජකාරිය ඉක්මවා යම් යම් බල සබඳතාවලින් බැෙඳෙන්නට යාමේ අයහපත් ප්‍රතිඵල තමා මේ… පමණ ඉක්මවා යන බලය කාට වුවත් හොඳ නැහැ.. දැන් මේ මාධ්‍යවේදීන් හැසිරෙන්නේ හමුදා ප්‍රධානීන් ලෙසයි.. අනිසි බලය සමාජයට කරන විපතක මහත තමා මේ.
හුටා මලකෙලියයි මම නම් හිතුවෙ නෑ මිනිහ මේවගේ කැත පොරක් කියලා.
Comment by zrimax — 2009 April 18 @ am 8:01