suonmarathon

2009 April 18

තිස්ස අබේසේකර වියොව

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු හා තිරකතා රචකයකු වන ආචාර්ය තිස්ස අබේසේකර මහතා මිය ගිහින්. 60 දශකයේදී සිංහල සිනමාවට එක්වූ ඒ මහතා සිනමා තිර රචකයෙකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙසද දේශීය සිනමාවට විශාල මෙහෙයක් ඉටු කළා.

කරුමක්කාරයෝ, විරාගය හා මහගෙදර ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරට අයත්.

වැලිකතර ඔහු විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ සිනමා පටයක්.

පසු කළෙක ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට ඔහු පත්වී සිටියා.

සිනමාවේදී තිස්ස අබේසේකර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

2 Comments »

  1. සිනමාවේදී තිස්ස අබේසේකර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    Comment by lokka — 2009 April 18 @ am 8:26

  2. මේ ගැනනම් හරිම කනගාටුයි
    මෙතුමා ලියපු අයාලේ ගිය සිතක සටහන් මම හරිම ආසාවෙන් කියවපු පොතක්

    Comment by — 2009 April 18 @ am 8:31

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress