suonmarathon

2008 December 27

ක්ෂුද්‍ර මැරතන් අවසන් සටහන

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 1:29

දැන්නම් මහන්සියි. තවත් ලියන්න හිතක් නැහැ වගේ.. ශරීර සෞඛ්‍ය ගැන හිතලා නතර කරන්නයි හදන්නෙ..හිතූ වේගෙන් ලියන්න බැරිවුණා.. යන්ත්‍ර දෙකකට වරින් වර මාරුවෙවී ලියන්න ගිය නිසා වේගය අඩු වුණා..

අලකලංචි ගොඩක් මැද්දෙන් 2007 අවුරුද්දත් ඉවර වෙන්නයි යන්නෙ.. මේ අවුරුද්දට සහභාගි වුණ දෙවන මැරතන් තරගය.. එකක් නම් රිලේ එකක් දිවුව.. මේ පාර පොඩි දුරක් නිසා කාගෙත් උපකාර මැද්දෙ පෙර සූදානමකින් තොරව වුණත් යම් තරමකට සටහන් එකතු කරන්න පුළුවන් වුණා..මොනවද ලියන්නෙ කියල හිතාගන්න බැරිව හිටියත් ලියන්න ගත්තහම හිතෙනව විධිමත් සෙවිල්ලක් සහිතව ලිවිය යුතු ගොඩක් දේවල් තියෙනව කියල.. ලංකාවෙ සිංහල ලියවිලි බහුතරයක් විධිමත් ශාස්ත්‍රාලීය හැදෑරීමකින් තොරව ලියවෙන දේවල් නිසා කොය් තරම් පත්තර පිටු පිරී තිබුණත් ඇතැම් විට ඒවායින් කාටවත් පලක් වෙන්නෙ නැහැ. කියවන මිනිසුන්ගේ තර්ක ඥානය අවධි කරවන්නට අසමත්,මතු පිටින් අත ගා දක්වන, විස්තර මට්‍ටමේ ලියවිලිවලින් පලක් නැහැ කියලයි මට හිතෙන්නේ..ඒත් සු ළුවෙන් හරි වෙලාව ලැබෙන ආකාරයට යමක් සඳහන් කර තිබුණොත් අනිත් අය ඒ ගැන වඩාත් කල්පනාවල් අවදි කරන නිසා නොලියා සිටිය යුතු නැහැයි කියලත් ඒ එක්කම හිතෙනව..මේ මැරතන් එකට ලිවු දේවල් පෙර සූදානමකින් ලිවු කරුණු හා හැදෑරීම්වලින් පොහොසත් දේවල් නෙවෙයි..නමුත් දුරට හිතන්නට ඉඟි ඒ තුළ නැතුවා නෙවෙයි.. යළි ඉඩ ලැබු‍ණු විටෙක දීර්ඝ විස්තර සහිතව හමුවන තෙක් මැරතන් දුවන්නට ආ හැමට ආදරයෙන් ස්තූති කරන්නට කැමතියි !

ලබාගෙන එන නව වසර කාගෙත් හිත් සොම්නසින් පිරී යන, තැවුල් සංතාපවලින් දුරස් වූ වසරක් වේවා යි ප්‍රාර්ථනා කරන ගමන් මේ සටහන නිමා කරනවා.

ක්ෂුද්‍ර මැරතන් තරගය වෙනුවෙන් පරිගණක පහසුම් හා ස්ථාන පහසුකම් සැපයූ කාලිංගට ස්තූතියි..

අපි ටිකකින් මේ නොනිදන නගරයේ නිදියන මිනිසුන් අතරට එකතු වෙන්නයි යන්නෙ.

රංගනයට අයත් නොවන රැඟුමක්

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 12:47

රෝමන් පොලන්ස්කි විශිෂ්ට සිනමා කෘති බිහි කළ නිර්මාණ කරුවෙක්..ඔහුගේ ජීවිත කතාව අනු‍වේදනීයයි. ඒ ගැන මම වරක් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් එකතු කළා..

ගිය සතියේ සිනමා කතා බහකදි ජගත් එක පාරටම කිවුවා මං ‍” ද පියානිස්ට්” චිත්‍රපටය කැමති නැහැ..ඒක හරිම ආත්මාර්ථකාමියෙකුගේ ඉතිරිවීම පෙන්වන්නක් කියල..

දැන් පොලන්ස්කි ගැන වෙන කතාවක්..පොලන්ස්කි ඇතුළු ලෝ ප්‍රකට ඇතැම් සිනමා කරුවන් සිය සිනමා කෘති සඳහා නිළියන් තෝරා ගත්තෙ ඔවුන් සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන් පසුව බව අද අළුයම මං කියවු පරණ සඟරාවකින් චෝදනා කර තිබුණා..ගොඩාර්ඩ්, ටෘෆෝගෙ නම් පවා එහි තිබුණා.

අපේ රටෙත් ඒ වගේ දේවල් එහෙමම සිද්ධවෙනව කියල කියන්නෙ කාටවත් අගෞරව කරන්න හිතාගෙන නෙවෙයි..දර්ශන පසුතලවලට ඇවිත් නිදි කිරමින් චරිතයක් ලබා ගන්නට දවස් ගණන් බලා සිටින තරුණියන් ගැන ඇහින් දුටු සාක්ෂි අපේ හිත මිතුරන් ළඟ ඕනවටත් වඩා තියෙනවා..

තමන්ගේ ජීවිතයට ජනප්‍රිය වටිනාකමක් එකතු කර ගැනීමේ සිහිනය සඳහා මේ අය බොහෝ දේ කරනවා.

ඒක තමයි ඇතැම් අය පුවත්පත්වලට කියන්නේ.. ” නිළියක සේ  ස්ථාවර වීම ට මා ” ඕනෑම ” කැපකිරීමක් කිරීමට සූදානම් “..වැනි කතා.. ඒවයෙ ඇත්ත කතාවත් ඒකම තමයි.

දැන්‍ මේවට කියන්නෙ “රංගනය” හෝ “රංගනය සඳහා කැපවීම”..නම් නෙවෙයි.. මේ සිද්ධවෙමින් පවතින්නෙ වෙනත් දෙයක්.

අධ්‍යක්ෂවරුන්ට විතරක් නෙවෙයි අපේ නළුවන්ට පවා සැබෑ ජීවිතයේදි සිහිනෙන්වත් ළඟා කර ගත නොහැකි අවස්තා රාශියක් හිමි කර ගැනීමේ ව්‍යාපෘතියක් මේ රංගනය නොවන රංගනය නම් ක්‍රියාවලිය ඇතුළෙදි සිද්ධ වෙනව.

ඒ ක වෙනම අධ්‍යන ක්ෂේත්‍රයක් .

ඊළඟට.. කවි සිතිවිලි පහළ කරගැනීම..

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 12:33

අපි කිහිප දෙනෙකුට ආරා‍ධනා ලැබුණා කෙටි චිත්‍රපට තිර පිටපත් රචනා වැඩ මුළුවකට.. එය සංවිධනානය කොට තිබුණේ සිනමා වැඩ සටහන් සම්බන්ධයෙන් උනන්දු ආයතනයක් විසින්.. මූල්‍ය අනුග්‍රහය ලංකාවෙ නම ගිය රාජ්‍ය නොවන සංවිධනායකින්.. ඒ අය වැඩ කරන්නෙ ජනවාර්ගික ගැටළු සම්බන්ධවයි..ඉතින් එයාල කරන කොයි වැඩේදිත් “සිංහල මහ ජාතිය” ට වඩා “දෙමළ පොඩි ජාතිය” ට අසාධාර ණ වෙන බව පෙන්වන්න ඕන..

සතියක් යද්දි මේ අය කිවුවා කෙටි චිත්‍රපටයකට පිටපතක් ලියා දෙන්න කියල.. ඒ මදිවට ඒක කෙටි එකකට සුදුසු වෙන්න ඕන.. සිංහල දෙමළ නියෝජනයක් තියෙන්න ඕන.. ගැටුමක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. ‍කොන්දේසි ගොඩයි..

මං කිවුව මට ක්ෂණික පිටපත් ලියන්න බැහැ.. මං මේ වැඩෙන් අයින් වෙනව කියල..

එයාල දිගටම බල කළා.. පස්සෙ ඒ පිටපත් නිරීක්ෂණය කළ එක් අයෙකු මට පෞද්ගලිකව හමු වු මොහොතක මං මේ ව්‍යාපෘතියේ අසාර්ථක බව ගැන කතා කළා..

ඔහු මෙහෙම කිවුව

..

” ඉස්සර අ.ත.ක.ස.යෙනුත් ඔය ව‍ගේ ක්ෂණික කවි ලියන වැඩමුළු තියල තියෙනව..මට හම්බවුණා ඒ වගේ එක් වැඩමුළුවක න්‍යාය පත්‍රය.. මතකෙන් කියනවනම් ඒක හරියට මේ වගෙයි “..

පෙ‍‍.ව‍. 6‍.00 – පිටත් වීම

පෙ‍‍.ව‍.10.00 – උදෑසන තේ පානය

පෙ‍‍.ව‍.10.30 – යළි පිටත් වීම

ප‍‍.ව‍.12.00 – … ස්ථානයට ළඟා වීම

ප‍‍.ව‍.12.30 - කවි සිතිවිලි පහළ කර ගැනීම

..

..

..

දැන් මෙහෙම ක්ෂණික කවි ලියන්න පුළුවන්ද ? මෙහෙම ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම අසාර්ථකයි.

අර ‍තිර පිටපත් ලිවිල්ලත් ඒ වගෙයි.

අපි වෙනුවෙන් අපි – පිස්සන්ගේ එකමුතුවක්

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 11:28

මේක තවත් බයිස්කෝප් කතාවක්.. අපි 4,5 දෙනා ගිය සතියෙ දවසක හැන්දෑවෙ එකතු වුණා.. අපි අපිවම පෝෂණය කරගන්න හැටි දිගට කතා වුණා.. මොහොකින්වත් නෙවෙයි.. දැනුමින්.. සිනමාත්මක දැනු‍මින්.. අපේ කණ්ඩායම උපරිම 7 ක් ‍හෝ 10 කට ත් එක් ආරාධිතයෙකුටත් සීමා කරන්න එකඟතාවකට ආවා.. මාසිකව එක් තෝරාගත් සලරුවක් ඒ යෝජනා කළ කෙනා අන් අයට ප්‍රදර්ශනය කරවනවා.. ඉන් පසු ඒ ගැන කතාබහ.. විධිමත් පිළිවෙලකට..එකම අරමුණ අප අපම පෝෂණය වීම.. දැනුමින් සන්නද්ධ වීම..

එහි ආරම්භක පියවට ජනවාරි මාසෙ පළමු පෝය දවසෙ.. උදෑසන ඉඳන් දවස පුරා… එදා දවස බාර දුන්නෙ ධම්ම ට.. එයා කැමතිලු අපි බාබෙල් ආපහු බලනවටයි .. වෙනම විදිහකට කතා කරනවටයි…

චිත්‍රපටයක් බලද්දි මම නම් continuity errors ගැන පවා උනන්දු වෙනවා..ඒත් ‍මේ යාලුවා උනන්දු කතාව ගැන විතරයි..අනික්වා එයාට වැදගත් නැහැ.. මම නම් හිතන්නේ මිනිසුන් ර‍වටන මායාවක් වන චිත්‍රපටය එම රැවටීම ප්‍රේක්ෂකයින්ගේ බුද්ධියට අගෞරව නොවන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එළඹෙන පෝය දවස වඩාත් යමක් එකතු කර ගන්නා අරමුණින් ඇඟිලි ගනිමිනුයි මම නම් ඉන්නේ..

අපිට තියෙන සිනමා පිස්සුව තව ටිකක් වැඩිවෙන්න ඕනෙ කියලා හිතමින් ඉන්න වෙලාවකයි මේ සටහන තබන්නෙ.

C o ntested S pa ce s – තරගකාරී අවකාශ

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 10:39

තරගකාරී අවකාශ කියන්නෙ අපේ ශ්‍රී ලංකා අධ්‍යයන කවයෙ වරුණිගෙ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය.. එයා එක්ක ඡායාරූප ගන්න අවුරුද්දක් පුරා වරින් වර මං අනුරාධපුරේ ගියා.. පසු ගමන්වලදි ජගත්, කැළුම් එහෙමත් මේ ගමන්වලට එකතු වුණා.. මේ ඒ ගමන්වලදි මං ගත් ඡායාරූපවලින් එකක්..

මම නම් ගත්තෙ පොඩි ඩිජිටල් කැමරාවකින්.. පික්සල් 4‍.0ක විතර අති සාමාන්‍ය එකක්..ඒත් පොඩි කාලෙ ඉඳන්ම ‍ෆොටෝ ගැහිල්ල ම‍ගේ පිස්සුවක් වෙලා තිබුණ හින්දා කැමරාවක් අත‍ට හම්බවුණොත් නිකන් ඉන්න නම් හිතෙන්නේ නැහැ..

ගෝලීයකරණය මා දුටු අවලස්සනම පදයයි

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 10:06

ආර්ථික විද්‍යා වේදියෙකු වන ජේ.කේ.ගෝල්බ්‍රෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශනයක් වන ෆයිනැන්ස් ඇන්ඩ් ඩිවලොප්මන්ට් 1999 සඟරාවට වරක් කිවේ මා අමෙරිකන් හෙරිටේජ් ඩික්ෂනරි නම් ශබ්ද කෝෂයේ භාෂා භාවිතය පිළිබඳ උපදේශකවරයෙක් ගෝලීයකරණය කියන වචනය හබ්ද ‍ෝෂයට ඇතුළත් ිරීමට මා ඉඩ දෙන්නේ නැහැ එය ඉතා අවලස්සන පදයක් යනුවෙනුයි.

ගෝලීයකරණය කියන්ෙන් අැත්තටම ෙමාකක්ද ?

මායාවක්, මිථ්‍යාවක්, න්‍යායක්, යථාර්ථයක්, තර්කයක්, ????

ගෝලීයකරණය කියන්ෙන ධනවාදයේ යෝධයින් සුපිිරි තරු ලෙස හඳුන්වා ඔවුන් බලයේ මුදුනෙහි රඳවමින් පරිවාරය සමග සමස්ත ෙලා්කය සිය ග්‍රහණයට හසු කර ගන්නා යම් ක්‍රමයක්..
ගෝලීයකරණය සිය නාමකරණයට මුවා වී ලෝකයේ ප්‍රධාන ආර්ථික දේශපාලන තීරකයින්ගේ කාර්ය පහසු කරවමින් සමාජ පාරිසරික ආචාර ධර්මීය වගකීම්වලින් ඔවුන් ව ගලවා ගනියි. ඔවුන්ෙග් ක්‍රියා සදහා විකල්පයක් නැතැයි යන මන්තරය ඒ් සමග ම ජප කරයි.

ගෝලීයකරණය කියන්ෙන මුළු මහත් මානව සංහතියේම ඉරණම කුඩා කණ්ඩායමක් විසින් තීරණය කිරීෙම් ක්‍රියාවලියක්..‍‍

අපි ෙබාන ෙකාකාෙකා්ලා ඒෙක් ඉදන් බලන චිත්‍රපටය පවා ඒ් ක්‍රියාකාරකමට හසු ෙවලා.. දන්ෙනත් නැති වුණාට.. ෙගා්ලීයකරණය ෙසල්ලමක් ෙනෙවයි.. පරිවාරෙය් රටවලට සිය අනන්‍යතාව අහිමිකිරිෙම් තර්ජනාත්මක ව්‍යාපාරයක්

උපදිනවිටම අාගමට හැරවීම

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 9:36

අන්‍යාගම්වලට පුද්ගලයින් හැරවීම ෙෙනතිකව වැරදියි කියල පිළිගන්වන්න පහු ගිය ටිෙක් ෙලාකු උනන්දුවක් අෙප් රෙට් තිබුණ.. දවසක් ෙකෙෙනකු ෙමෙහම කියල තිබුණ..‍

ළමයි උපදින විටම ෙදමව්පියන්ෙග අ ාගම   .බ ෙලන් පටවනවා ඒ්ක බල හත්කාරයක් ෙනෙවයි ද ?‍

අවුරුදු 18 ෙවනකන් කසාද බ දින්න බැරි නම් .. අ ාගම විතරක් ඊට අඩු වයසකදි බ ෙලන් පටවන්ෙන අැයි?

ඒ්ක නරක නැද්ද ?‍‍

ෙම්ක තව හිතන්න ඔ්න ෙදයක්

පොළොන්නරුවේ අතුරු කතාවක් !

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 9:16

පොළොන්නරු ගමන හරිම වෙහෙසයි.. සමාජ සේවයක් කියල හිතාගෙන යන නිසා කටු කාගෙන ගියාට..ඒ වෙනකොට මට ඔලුව බිම තියල නිදා ගන්නවත්, අඩුම තරමේ බස් එකේ සීට් එකට හේත්තු වෙන්නවත් බැහැ.. ඉතින් කොහොම කොහොම හරි ගිහින් එනකොට හොඳටම රෑ වුණා.. නින්ද යාගෙනත් එනවා නිදාග න්නත් බැහැ.. මං එන කොට වාඩිවෙලා ආවෙ පිටිපස්සෙ දොර කෙලින් ම තියෙන ආසනයෙ කෙළවරට වෙන්න.. කුරුණෑගල පහු වෙනකන් දොර වහන්න දෙන්න බැහැයි කියල බස් ‍එකේ ලොක්කො කියපු නිසා හීතලයි ඉවසන්න බැරි තරමට.. කොහොමෙන් කොහොමෙන් හරි මග දිගට බහිමින් නගිමින් එන අතරෙ ජංගම දුරකථනයට අම්මාගෙන් දිගටම ඇමතුම්.. අක්කාට කතා කරලා අක්කා ලවාත් කතා කරවනවා.. මිස් කෝල්ස් 14ක් එක පාරක් බලද්දි..

අන්තිමට කිවුවා මං  “අම්මා දැන් නිදාගන්න.. මං එනකොට 12ත් පහුවෙයි ” කියලා…

අම්මා කිවුවා අනේ මං කොහොමද එහෙම නිදාගන්නෙ කියලා..

ඉතින් මං නවාතැනට ඇවිත් පාන්දර 2 ට අම්මව කූද්දලා කිවුවා මං ආවා කියලා..වෙනද වගේ නැතුව අම්මා මේ පැය කාලෙන් කාලට කතා කළේ හිතේ කරදරයක්ද  බලන්න මං පහුවෙනිදා පාන්දරම ගෙදර ගියා..අම්මා නෙවෙයිනම් කේන්තිත් එන තරමට කතා කළානෙ..

පහුවෙනිදා මං ඇහුවා..‍”ඇයි අම්මෙ මග දිගට කතා කළේ.. එන්නම පැය 7 ක් යනවානෙ” කියලා.. අම්මා ටිකක් වෙලා ගිහින් කිවුවා..

“තාත්තාට වුණ දෙයින් පස්සේ ඔයාලා දුර ගියාම මට හරි බයයි පුතේ” කියලා.. මට දෙන්න උත්තර නෑ..අම්මා මොන තරම් මානසික අවුලක ඉන්න ඇද්ද කියලා‍ තේරු‍ණු මට ලොකු හිතේ දුකක් දැනුණා..ඒ වෙනකොට තාත්තා නුවර යන අතරමගකදි වාහනේ බස් එකක හැප්පිලා වැඩි දවසක් නැහැ..

දැන් මම දුර යද්දි අම්මාට කියල යන්නෙ නැහැ.. බොරුවක් කියනවා.

අනිද්දා වෙන කොට පේදුරු තුඩුවට යන්නෙත් නොකියා තමයි.. අම්මලාට ගින්දර දීලා ගමන්යන්න බැහැනෙ..මේ මං දවසක් අම්මා ගැන ඇත්තටම ආදරේ හිතිලා ලියු කවියක්..

පොළොන්නරුවටත් බයිස්කෝප්..

Filed under: මැරතන්, වර්ගීකරණය නොකළ — Tags: — suonmarathon @ am 8:59

කාලෙක ඉඳන් බයිස්කෝප්වලට ඇබ්බැහිවීමේ රෝග ලක්ෂණය නිසා මමත් යාළුවො තුන් හතර දෙනෙකුත් එකතු වෙලා හදා ගත්තු ශ්‍රී ලාංකේය අධ්‍යන කවය (Centre for Sri Lankan Studies) මගින් අතින් කයිට් කරන් පොළොන්නරුවටත් ටිකක් එහා හද්ද පිටිසර ඉන්න තරුණ කට්ටියට අපිට තියෙන බයිස්කෝප් උණෙන් ටිකක් බෝ කරන්න හිතුවා.. ඉතින් හා හාපුරා කියලා ගිය 12 වෙනිදා පිටකොටුවෙන් බස් එකක නැගලා මින්නේරියෙන් බැහැලා තවත් බස් එකක නැගලා අපේ ගමනාන්තයට ගියා.. ඒ පැත්තේ ඉන්න ළමා ළපටි තරුණ පිරිස් සහ අවට පාසල්වල ගුරුවරු ඉලක්ක කරමින් අපේ ඇ‍‍ඟේ අමාරුවට පටන් ගත්තු FILm Appreciation Programme එකේ මංගල වැඩ සටහනයි මේ..මේ තියෙන්නේ අපි කටු කාගෙන තිර එල්ලන්න ගත්තු මහන්සිය..

අපි වැඩ සටහන පටන්ගත්තේ චාලි චැප්ලින්ගෙ සිටි ලයිට්ස් වලින්.. වයස් භේදයකට සීමා නොකර හැම කෙනෙකුටම එන්න ඉඩ දුන්නේ තව අවුරුදු ගණනාවකින් හෝ හොඳ රසික සමාජයක් සමග එක්කෙනෙකු හෝ දෙදෙනෙකුවත් සිනමා ක්ෂේත්‍රයට අත් පොත් තබන්නට මෙය ආරම්භයක් කරගනීවි කියන පරම පවිත්‍ර චේතනාවෙන්..කොළඹ සමාජයේ යන්තන් දැනගෙන පොරවල් වෙලා ඉන්න, තමන්ටවත් සිනමාවටත් රටටත් වැඩක් නැති පිරිසගේ මහන්තත්තකම් නිසා උඩට එන්න අවසරයක් අවස්ථාවක් නැති හද්ද පිටිසර පිරිසක් අතරට සිනමාව ගෙන යන්නයි අපේ වෑයම වුණේ..

ඉතින් ඒ වැඩේ තවම ඉවර නෑ.. තව මාස 11ක් අපි ඒ විදිහට පොළොන්නරු යනවා.. ඊ ගාව දවස මගේ..

ඉතින් මේ ගමන යන්න අපි කන කටු කවුරුවත් දන්නේ නැහැ.. වැටිලා ඔලුගෙඩිය තැලිලා ඉන්න වෙලේ ලේන්සුවකින් ඔලුව ගැටගහගෙන පොළොන්නරු ගිහින් ගෙදර එද්දි 14 වෙනිදා පාන්දර 1.45 වුණා..

අම්මාගෙන් මග ඇරුණු ඇමතුම් 14ක් …

ඒ කතාව පස්සට

ඉන්ටර්ෙනට් – අෙප් අළුත්ම අාදර අාකෘතිය

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 8:07

අද බ්ෙලාග් මැරතන් දුවන්න ගිය පාර ව ෙග් ෙබා් නැහැ. ඒ්ත් ෙබා් වරක් ලියු කවියකට මං ලියු සටහනකින් ෙකාටසක් ඒක් කරන්න හිතුණා.. ෙබා් ව මතක් කරන්නත් ඒක්කම.. ඒයාෙග කවිය “වයර් විතරමයි”..‍‍කවිය නූතන අාදරය ගැන

ඒ්ක විවිධාකාර අාදර අාකෘති ගණනාවක් පහු කරන් සයිබර් ෙප්‍ර්මය දක්වා දිගු වුවක්..

ලංකාෙව සිවිල් සමාජය ෙම් ෙවන ෙකාට විවිධ අාදර අාකෘති ගණනාවක් පහු කරන් අැවිත් තිෙයනවා.‍‍

ග ෙම් ෙවෙල් කම ෙතන් විතරක් ෙනෙවයි 50, 60,70 දශකය ෙවන ෙකාට දකින්න ලැබුණු ඒ්වා..

සරත් මධු හදා දුන් අාදර අාකෘති.. කරුණාෙස්න ජයලත්, කුමාර කරුණාරත්න, ඒඩ්වඩ් මල්ලවාරච්චි, අරලියා, සුවද පත්තර හරහා දැන්  ඔය මුල් පිටුව ෙග්න බන්දුල පද්ම කුමාර හදා දුන් අාකෘති,

ෙකා යි තරම් නම් ෙමාඩල් ෙගා ඩක් පහු කරන් අපි අැවිත් ඉන්නවද ?

ඉතින් ඒ්ෙකන්ම ෙප්නවා ෙම් අාදරය හරිම අාකෘතිකයි කියලා

ඒ්වා අපට හදා ෙදන්නම ෙවන් ෙවච්ච මාධ්‍ය තිෙයනවා

ඉස්සර ලියන මාධ්‍ය ෙව්දිකාව.. සිනමාව.. ෙටලි ..විද්‍යුත් නාලිකා..‍‍

දැන් ඉන්ටර්ෙනට්

ෙම් ඒක ඒක අාකෘතිය ඒ් වාට ෙවන් ෙච්ච මුලික ලක්ෂණ ටික අපට හදලා ෙදනවා.අපි අපට පුරුදු පරම්පරාගත අාදරෙය් අකෘතිවල ලක්ෂණත් ඒ්වට ඒකතු කරලා ලව් කරනවා.

පස්ෙස් කාෙලකදි අපිට ෙම් හම්බෙවන නූතන ෙප්‍ර්ම අාකෘති අර අපට පුරුදු පරණ අාකෘතිවලින් විස්ථාපනය ෙවලා ඒ්වාෙය් තිබුණ වැහුණ ගතිය ෙවනුවට විවෘත භාවයකට පත්ෙවනවා. විවෘත ලිංගිකත්වය අාෙද්ශ ෙවනවා.

ෙවබ් කැම්වලින් රූපමය අාකෘති ඒක්ක භාෂාමය සන්දර්භයක ෙෆ්ස් ටු ෙෆ්ස් .. අන්ලිමිටඩ්.. අාදර අාකෘතියක් බිහිෙවනවා.

හැඟීම්වල තීව්‍රතාව ෙපන්වන වැෙඩ් ස්මයිලීස් භාර ගන්නවා..

ඉතින් ෙම්ක අැවිත් පාරෙභෟතිකයි..ඒ්ත් අපිට හිෙතන්ෙන් ෙම්ක ඒෙහම නෑ ෙම්ක අපි ෙද්න්නාට හරි විෙශ්ෂයි ෙවන ෙකාෙහා්වත් නැහැ කියලා..

ඒදා ෙබා් ලියු කවිය මං ස්ථාන ගත කෙළ් ෙම් කිවු නූතන අාදර අාකෘතිය අැතුෙළයි

තව ඉවර නෑ….

Older Posts »

Powered by WordPress