suonmarathon

2008 December 27

ක්ෂුද්‍ර මැරතන් අවසන් සටහන

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 1:29

දැන්නම් මහන්සියි. තවත් ලියන්න හිතක් නැහැ වගේ.. ශරීර සෞඛ්‍ය ගැන හිතලා නතර කරන්නයි හදන්නෙ..හිතූ වේගෙන් ලියන්න බැරිවුණා.. යන්ත්‍ර දෙකකට වරින් වර මාරුවෙවී ලියන්න ගිය නිසා වේගය අඩු වුණා..

අලකලංචි ගොඩක් මැද්දෙන් 2007 අවුරුද්දත් ඉවර වෙන්නයි යන්නෙ.. මේ අවුරුද්දට සහභාගි වුණ දෙවන මැරතන් තරගය.. එකක් නම් රිලේ එකක් දිවුව.. මේ පාර පොඩි දුරක් නිසා කාගෙත් උපකාර මැද්දෙ පෙර සූදානමකින් තොරව වුණත් යම් තරමකට සටහන් එකතු කරන්න පුළුවන් වුණා..මොනවද ලියන්නෙ කියල හිතාගන්න බැරිව හිටියත් ලියන්න ගත්තහම හිතෙනව විධිමත් සෙවිල්ලක් සහිතව ලිවිය යුතු ගොඩක් දේවල් තියෙනව කියල.. ලංකාවෙ සිංහල ලියවිලි බහුතරයක් විධිමත් ශාස්ත්‍රාලීය හැදෑරීමකින් තොරව ලියවෙන දේවල් නිසා කොය් තරම් පත්තර පිටු පිරී තිබුණත් ඇතැම් විට ඒවායින් කාටවත් පලක් වෙන්නෙ නැහැ. කියවන මිනිසුන්ගේ තර්ක ඥානය අවධි කරවන්නට අසමත්,මතු පිටින් අත ගා දක්වන, විස්තර මට්‍ටමේ ලියවිලිවලින් පලක් නැහැ කියලයි මට හිතෙන්නේ..ඒත් සු ළුවෙන් හරි වෙලාව ලැබෙන ආකාරයට යමක් සඳහන් කර තිබුණොත් අනිත් අය ඒ ගැන වඩාත් කල්පනාවල් අවදි කරන නිසා නොලියා සිටිය යුතු නැහැයි කියලත් ඒ එක්කම හිතෙනව..මේ මැරතන් එකට ලිවු දේවල් පෙර සූදානමකින් ලිවු කරුණු හා හැදෑරීම්වලින් පොහොසත් දේවල් නෙවෙයි..නමුත් දුරට හිතන්නට ඉඟි ඒ තුළ නැතුවා නෙවෙයි.. යළි ඉඩ ලැබු‍ණු විටෙක දීර්ඝ විස්තර සහිතව හමුවන තෙක් මැරතන් දුවන්නට ආ හැමට ආදරයෙන් ස්තූති කරන්නට කැමතියි !

ලබාගෙන එන නව වසර කාගෙත් හිත් සොම්නසින් පිරී යන, තැවුල් සංතාපවලින් දුරස් වූ වසරක් වේවා යි ප්‍රාර්ථනා කරන ගමන් මේ සටහන නිමා කරනවා.

ක්ෂුද්‍ර මැරතන් තරගය වෙනුවෙන් පරිගණක පහසුම් හා ස්ථාන පහසුකම් සැපයූ කාලිංගට ස්තූතියි..

අපි ටිකකින් මේ නොනිදන නගරයේ නිදියන මිනිසුන් අතරට එකතු වෙන්නයි යන්නෙ.

රංගනයට අයත් නොවන රැඟුමක්

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 12:47

රෝමන් පොලන්ස්කි විශිෂ්ට සිනමා කෘති බිහි කළ නිර්මාණ කරුවෙක්..ඔහුගේ ජීවිත කතාව අනු‍වේදනීයයි. ඒ ගැන මම වරක් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් එකතු කළා..

ගිය සතියේ සිනමා කතා බහකදි ජගත් එක පාරටම කිවුවා මං ‍” ද පියානිස්ට්” චිත්‍රපටය කැමති නැහැ..ඒක හරිම ආත්මාර්ථකාමියෙකුගේ ඉතිරිවීම පෙන්වන්නක් කියල..

දැන් පොලන්ස්කි ගැන වෙන කතාවක්..පොලන්ස්කි ඇතුළු ලෝ ප්‍රකට ඇතැම් සිනමා කරුවන් සිය සිනමා කෘති සඳහා නිළියන් තෝරා ගත්තෙ ඔවුන් සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන් පසුව බව අද අළුයම මං කියවු පරණ සඟරාවකින් චෝදනා කර තිබුණා..ගොඩාර්ඩ්, ටෘෆෝගෙ නම් පවා එහි තිබුණා.

අපේ රටෙත් ඒ වගේ දේවල් එහෙමම සිද්ධවෙනව කියල කියන්නෙ කාටවත් අගෞරව කරන්න හිතාගෙන නෙවෙයි..දර්ශන පසුතලවලට ඇවිත් නිදි කිරමින් චරිතයක් ලබා ගන්නට දවස් ගණන් බලා සිටින තරුණියන් ගැන ඇහින් දුටු සාක්ෂි අපේ හිත මිතුරන් ළඟ ඕනවටත් වඩා තියෙනවා..

තමන්ගේ ජීවිතයට ජනප්‍රිය වටිනාකමක් එකතු කර ගැනීමේ සිහිනය සඳහා මේ අය බොහෝ දේ කරනවා.

ඒක තමයි ඇතැම් අය පුවත්පත්වලට කියන්නේ.. ” නිළියක සේ  ස්ථාවර වීම ට මා ” ඕනෑම ” කැපකිරීමක් කිරීමට සූදානම් “..වැනි කතා.. ඒවයෙ ඇත්ත කතාවත් ඒකම තමයි.

දැන්‍ මේවට කියන්නෙ “රංගනය” හෝ “රංගනය සඳහා කැපවීම”..නම් නෙවෙයි.. මේ සිද්ධවෙමින් පවතින්නෙ වෙනත් දෙයක්.

අධ්‍යක්ෂවරුන්ට විතරක් නෙවෙයි අපේ නළුවන්ට පවා සැබෑ ජීවිතයේදි සිහිනෙන්වත් ළඟා කර ගත නොහැකි අවස්තා රාශියක් හිමි කර ගැනීමේ ව්‍යාපෘතියක් මේ රංගනය නොවන රංගනය නම් ක්‍රියාවලිය ඇතුළෙදි සිද්ධ වෙනව.

ඒ ක වෙනම අධ්‍යන ක්ෂේත්‍රයක් .

ඊළඟට.. කවි සිතිවිලි පහළ කරගැනීම..

Filed under: මැරතන් — Tags: — suonmarathon @ pm 12:33

අපි කිහිප දෙනෙකුට ආරා‍ධනා ලැබුණා කෙටි චිත්‍රපට තිර පිටපත් රචනා වැඩ මුළුවකට.. එය සංවිධනානය කොට තිබුණේ සිනමා වැඩ සටහන් සම්බන්ධයෙන් උනන්දු ආයතනයක් විසින්.. මූල්‍ය අනුග්‍රහය ලංකාවෙ නම ගිය රාජ්‍ය නොවන සංවිධනායකින්.. ඒ අය වැඩ කරන්නෙ ජනවාර්ගික ගැටළු සම්බන්ධවයි..ඉතින් එයාල කරන කොයි වැඩේදිත් “සිංහල මහ ජාතිය” ට වඩා “දෙමළ පොඩි ජාතිය” ට අසාධාර ණ වෙන බව පෙන්වන්න ඕන..

සතියක් යද්දි මේ අය කිවුවා කෙටි චිත්‍රපටයකට පිටපතක් ලියා දෙන්න කියල.. ඒ මදිවට ඒක කෙටි එකකට සුදුසු වෙන්න ඕන.. සිංහල දෙමළ නියෝජනයක් තියෙන්න ඕන.. ගැටුමක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. ‍කොන්දේසි ගොඩයි..

මං කිවුව මට ක්ෂණික පිටපත් ලියන්න බැහැ.. මං මේ වැඩෙන් අයින් වෙනව කියල..

එයාල දිගටම බල කළා.. පස්සෙ ඒ පිටපත් නිරීක්ෂණය කළ එක් අයෙකු මට පෞද්ගලිකව හමු වු මොහොතක මං මේ ව්‍යාපෘතියේ අසාර්ථක බව ගැන කතා කළා..

ඔහු මෙහෙම කිවුව

..

” ඉස්සර අ.ත.ක.ස.යෙනුත් ඔය ව‍ගේ ක්ෂණික කවි ලියන වැඩමුළු තියල තියෙනව..මට හම්බවුණා ඒ වගේ එක් වැඩමුළුවක න්‍යාය පත්‍රය.. මතකෙන් කියනවනම් ඒක හරියට මේ වගෙයි “..

පෙ‍‍.ව‍. 6‍.00 – පිටත් වීම

පෙ‍‍.ව‍.10.00 – උදෑසන තේ පානය

පෙ‍‍.ව‍.10.30 – යළි පිටත් වීම

ප‍‍.ව‍.12.00 – … ස්ථානයට ළඟා වීම

ප‍‍.ව‍.12.30 - කවි සිතිවිලි පහළ කර ගැනීම

..

..

..

දැන් මෙහෙම ක්ෂණික කවි ලියන්න පුළුවන්ද ? මෙහෙම ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම අසාර්ථකයි.

අර ‍තිර පිටපත් ලිවිල්ලත් ඒ වගෙයි.

බැහැයි කියල බෑ…

Filed under: වර්ගීකරණය නොකළ — suonmarathon @ pm 12:11

බුධාජීව මට ප්‍රතිචාරයක් දක්වල ම ෙග් එක් සටහනකට කියවන්න බැහැයි කියල..

වැෙඩ් ෙම්කයි.. ම ෙග් ලැප් එකට ෙම් කට්ටිය කියන්ෙන ඩක්කුවක් කියල.. එ්ක බුග් ගාල වැහිල යනව.. ඉතින් කාලිංග ෙග ලැප් ෙටාප් අනුග්‍රහය ලබාෙගන ඉතිරි ටික ලියනව..එයා විස්ට ෙකෙනක් ෙ න.. මම අකුරු ගහන ෙකාට වදින්ෙන ෙදයියෙන් කියල මුද්‍රණ ෙදා්ෂ අැතුව..

මම ෙම් තරම් අමාරුෙවන් ලියන නිසා ඔයාල ෙකාෙෙහාම හරි කියවන්න ..

එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා…

Filed under: වර්ගීකරණය නොකළ — suonmarathon @ pm 12:07

ලැප් ෙටාප් ෙද කකට වරින් වර මාරුෙව න්න සිද්ධ ෙව න නිසා ලියන වැෙ ඩ් ෙව් ගය ටිකක් බාල ෙව නවා.

දැන් ලියන් න යන්නෙ ‍දෙආකාරයකින් හිත් ගත් ගීත දෙකක් ගැන.ෙම් ගීතය ගායනා කරන්ෙන සුනිල් ඒදිරිසිංහයන් .. ඒ් ගීතයට හිත ගිෙය් දවසක් ෙකාළඹ සරසවිෙය ඒන්.ඒ්.ටී ඒෙක්දි සුනිල් ඒදිරිසිංහයන් සංගීතය නැතිව ෙම් ගීතය ගායනා කරද්දි මුලු ශාලාවම මීයට පිම්බා ව ෙග් නිහඬව ඉදිද්දි දැනුණු මිහිර හැමදාමත් හදවෙත් නිදන්ව තිබූ නිසයි. ෙමන්න ඒ් ගීතය.. පුළුවන්නම් කාලිංගෙගන් ඉල්ලලා බලමු

උඩහ ගමේ මද්දහනේ අවු රස්නේ නිවා‍
උරේ කඳු පෙතේ දඩමං දිගේ  ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් ප‍ළඳන්නයි සුභා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

පද ධර්මසිරි ගමගේ
සංගීතය වික්ටර් රත්නායක
හඬ සුනිල් එදිරිසිංහ

චිත්‍රපටය හුලවාලි

ෙම් ෙදවන ගීතය ඒහි ෙග්ය පද නිසාම හිත ට වැදුණා.. පස්ෙස මට ෙපාඩි කවියක් ලියන්න පවා උත්ෙත්ජනයක් අැතිවුණා ඒ්ෙකන්…

සකිසඳ  නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතු සේ ලබනු බැරී
බිතු සිතුවම් ලොව මිතු දම් සෙයමද
සසර පුරා බිඳ දමනු බැරී

නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේ මය
දුටු තැන ඇසිපිය හෙළනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ   සඟවා තබනු බැරී

සකිසඳ..

අමයුරු තෙපුලකි සුමියුරු ගීයකි
නොඅසා මොහොතක් හිඳනු බැරී
නිරුදක කතරේ දිය ‍දෝතයි නුඹ
කෙළෙසින් වත් නිම කරනු බැරී

අපි වෙනුවෙන් අපි – පිස්සන්ගේ එකමුතුවක්

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 11:28

මේක තවත් බයිස්කෝප් කතාවක්.. අපි 4,5 දෙනා ගිය සතියෙ දවසක හැන්දෑවෙ එකතු වුණා.. අපි අපිවම පෝෂණය කරගන්න හැටි දිගට කතා වුණා.. මොහොකින්වත් නෙවෙයි.. දැනුමින්.. සිනමාත්මක දැනු‍මින්.. අපේ කණ්ඩායම උපරිම 7 ක් ‍හෝ 10 කට ත් එක් ආරාධිතයෙකුටත් සීමා කරන්න එකඟතාවකට ආවා.. මාසිකව එක් තෝරාගත් සලරුවක් ඒ යෝජනා කළ කෙනා අන් අයට ප්‍රදර්ශනය කරවනවා.. ඉන් පසු ඒ ගැන කතාබහ.. විධිමත් පිළිවෙලකට..එකම අරමුණ අප අපම පෝෂණය වීම.. දැනුමින් සන්නද්ධ වීම..

එහි ආරම්භක පියවට ජනවාරි මාසෙ පළමු පෝය දවසෙ.. උදෑසන ඉඳන් දවස පුරා… එදා දවස බාර දුන්නෙ ධම්ම ට.. එයා කැමතිලු අපි බාබෙල් ආපහු බලනවටයි .. වෙනම විදිහකට කතා කරනවටයි…

චිත්‍රපටයක් බලද්දි මම නම් continuity errors ගැන පවා උනන්දු වෙනවා..ඒත් ‍මේ යාලුවා උනන්දු කතාව ගැන විතරයි..අනික්වා එයාට වැදගත් නැහැ.. මම නම් හිතන්නේ මිනිසුන් ර‍වටන මායාවක් වන චිත්‍රපටය එම රැවටීම ප්‍රේක්ෂකයින්ගේ බුද්ධියට අගෞරව නොවන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එළඹෙන පෝය දවස වඩාත් යමක් එකතු කර ගන්නා අරමුණින් ඇඟිලි ගනිමිනුයි මම නම් ඉන්නේ..

අපිට තියෙන සිනමා පිස්සුව තව ටිකක් වැඩිවෙන්න ඕනෙ කියලා හිතමින් ඉන්න වෙලාවකයි මේ සටහන තබන්නෙ.

C o ntested S pa ce s – තරගකාරී අවකාශ

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 10:39

තරගකාරී අවකාශ කියන්නෙ අපේ ශ්‍රී ලංකා අධ්‍යයන කවයෙ වරුණිගෙ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය.. එයා එක්ක ඡායාරූප ගන්න අවුරුද්දක් පුරා වරින් වර මං අනුරාධපුරේ ගියා.. පසු ගමන්වලදි ජගත්, කැළුම් එහෙමත් මේ ගමන්වලට එකතු වුණා.. මේ ඒ ගමන්වලදි මං ගත් ඡායාරූපවලින් එකක්..

මම නම් ගත්තෙ පොඩි ඩිජිටල් කැමරාවකින්.. පික්සල් 4‍.0ක විතර අති සාමාන්‍ය එකක්..ඒත් පොඩි කාලෙ ඉඳන්ම ‍ෆොටෝ ගැහිල්ල ම‍ගේ පිස්සුවක් වෙලා තිබුණ හින්දා කැමරාවක් අත‍ට හම්බවුණොත් නිකන් ඉන්න නම් හිතෙන්නේ නැහැ..

ලංකාෙව් තරුණ නව රැල්ල

Filed under: වර්ගීකරණය නොකළ — Tags: , — suonmarathon @ am 10:23

ෙම් දිනවල මහරගම ජාතික තරුණ ෙස්වා සභාෙව අන්තර්ජාතික ෙකටි චිත්‍රපට උෙළලක් පැවැත්ෙවනවා. අාරංචිෙය් හැටියට සංවිධානය දුර්වලයි.. පැනල් ඒකට අදුර් ෙගා්පාල්ක්‍රිෂ්ණනන් සහ ලංකාෙව් බහුතරය ඉන්නවාලු.. වැඩිය තිෙයන්ේනත් ලංකාෙව් චිත්‍රපටිලු.. සාර්ථක ෙවන්න නම් ෙවනත් රටවල බහුතර නිෙයා්ජනයක් තියන්න ඔ්න කියලයි මට හිතුෙණත..

ෙකාෙහාම හරි ඊෙය ෙපන්වපු ඒක් ෙකටි චිත්‍රපටයක් අවසාන ෙය ඒක් විශ්ව විද ්‍යාල තරුණෙයකු නැගිටල අැහුවලු නිර්මාණකරුෙගන් ” ඔයාට අවුරුදු 40ක් විතර ෙවනවෙන.. ඔයා ෙකාෙහාමද ෙ”ම්ක ෙපන්වන්ෙන ෙමතන ” .. කියල‍‍

ඒ්ක ෙකායිතරම් මුග්ධ ප්‍රශ්නයක්ද කියල මට හිතුණා.. මට සිද්ධිය කියපු යාළුව කිවුෙව ඒ්ක හරිම කුහක කතාවක් කියලයි..‍

ඒ්ක ගැටලුවක් නම් ඒ්ක අහන්නතිබුෙණ සංවිධායක මණ්ඩල ෙයන්.. නිර්මාණකරු බලහත්කාර ෙයන් තමන්ෙග නිර් මාණ ෙපන්වන්ෙන නැහැෙන..‍‍

අනික ප්‍රංශ නව රැල්ල ව ෙග්ම ෙ වනත් රටවල නව රැල්ල නමින් අාරම්භ වු සිනමා සම්ප්‍රදායන් බිහි වුෙණ් උප්පැන්න සහතික අෙත් තියන් සිනමාවට අා අය නිසා ෙනෙවයි..‍‍

නව රැල්ලක් කියන්ෙන අළුතින් යම් විප්ලවයක් කරන පිරිසකට.. ඒ්කට ෙම් උප්පැන්න සහතික ෙමාකටද ?‍‍

සිනමාව අ්‍ධ්‍යනය කරන විශ්ව විද්‍යාල සිසුෙවක් මීට වඩා සිනමාවටවත් යහපතක් ෙවන ප්‍රශ්නයක් අැහුවා නම් ෙකායි තරම් වටිනවද ?‍

ෙම් බ්ේලාග් ලියන ෙමාෙහාෙතත් යාලුෙවක් මට කතා කරලා ෙහට තිෙයන වැඩ සටහනට යමු කියලා කිවුවා..

“ෙමෙහම කට්ටියට පිස්සු ෙකළින්න ෙදන්න බැහැ” ඒ් මිතුරා මට කිවුවා.. නමුත් ෙහට ඒළිෙවලා ෙගදර ගිහින් අිනිද්දා පාන්දර තවත් දුර ගමනක් යන්න ලෑස්ති ෙවන්නතිෙයන නිසා මට ෙහට යන්න ෙවන්ෙන නැහැ.

ඉතින් ෙකාෙහද ලංකාෙව සිනමාවක් ෙපා්ෂණය ෙවන්ෙන… අපි නිතර අෙපන්ම අහගන්න ප්‍රශ්නයක්

ගෝලීයකරණය මා දුටු අවලස්සනම පදයයි

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 10:06

ආර්ථික විද්‍යා වේදියෙකු වන ජේ.කේ.ගෝල්බ්‍රෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශනයක් වන ෆයිනැන්ස් ඇන්ඩ් ඩිවලොප්මන්ට් 1999 සඟරාවට වරක් කිවේ මා අමෙරිකන් හෙරිටේජ් ඩික්ෂනරි නම් ශබ්ද කෝෂයේ භාෂා භාවිතය පිළිබඳ උපදේශකවරයෙක් ගෝලීයකරණය කියන වචනය හබ්ද ‍ෝෂයට ඇතුළත් ිරීමට මා ඉඩ දෙන්නේ නැහැ එය ඉතා අවලස්සන පදයක් යනුවෙනුයි.

ගෝලීයකරණය කියන්ෙන් අැත්තටම ෙමාකක්ද ?

මායාවක්, මිථ්‍යාවක්, න්‍යායක්, යථාර්ථයක්, තර්කයක්, ????

ගෝලීයකරණය කියන්ෙන ධනවාදයේ යෝධයින් සුපිිරි තරු ලෙස හඳුන්වා ඔවුන් බලයේ මුදුනෙහි රඳවමින් පරිවාරය සමග සමස්ත ෙලා්කය සිය ග්‍රහණයට හසු කර ගන්නා යම් ක්‍රමයක්..
ගෝලීයකරණය සිය නාමකරණයට මුවා වී ලෝකයේ ප්‍රධාන ආර්ථික දේශපාලන තීරකයින්ගේ කාර්ය පහසු කරවමින් සමාජ පාරිසරික ආචාර ධර්මීය වගකීම්වලින් ඔවුන් ව ගලවා ගනියි. ඔවුන්ෙග් ක්‍රියා සදහා විකල්පයක් නැතැයි යන මන්තරය ඒ් සමග ම ජප කරයි.

ගෝලීයකරණය කියන්ෙන මුළු මහත් මානව සංහතියේම ඉරණම කුඩා කණ්ඩායමක් විසින් තීරණය කිරීෙම් ක්‍රියාවලියක්..‍‍

අපි ෙබාන ෙකාකාෙකා්ලා ඒෙක් ඉදන් බලන චිත්‍රපටය පවා ඒ් ක්‍රියාකාරකමට හසු ෙවලා.. දන්ෙනත් නැති වුණාට.. ෙගා්ලීයකරණය ෙසල්ලමක් ෙනෙවයි.. පරිවාරෙය් රටවලට සිය අනන්‍යතාව අහිමිකිරිෙම් තර්ජනාත්මක ව්‍යාපාරයක්

උපදිනවිටම අාගමට හැරවීම

Filed under: මැරතන් — Tags: — suonmarathon @ am 9:36

අන්‍යාගම්වලට පුද්ගලයින් හැරවීම ෙෙනතිකව වැරදියි කියල පිළිගන්වන්න පහු ගිය ටිෙක් ෙලාකු උනන්දුවක් අෙප් රෙට් තිබුණ.. දවසක් ෙකෙෙනකු ෙමෙහම කියල තිබුණ..‍

ළමයි උපදින විටම ෙදමව්පියන්ෙග අ ාගම   .බ ෙලන් පටවනවා ඒ්ක බල හත්කාරයක් ෙනෙවයි ද ?‍

අවුරුදු 18 ෙවනකන් කසාද බ දින්න බැරි නම් .. අ ාගම විතරක් ඊට අඩු වයසකදි බ ෙලන් පටවන්ෙන අැයි?

ඒ්ක නරක නැද්ද ?‍‍

ෙම්ක තව හිතන්න ඔ්න ෙදයක්

Older Posts »

Powered by WordPress