C o ntested S pa ce s – තරගකාරී අවකාශ
තරගකාරී අවකාශ කියන්නෙ අපේ ශ්‍රී ලංකා අධ්‍යයන කවයෙ වරුණිගෙ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය.. එයා එක්ක ඡායාරූප ගන්න අවුරුද්දක් පුරා වරින් වර මං අනුරාධපුරේ ගියා.. පසු ගමන්වලදි ජගත්, කැළුම් එහෙමත් මේ ගමන්වලට එකතු වුණා.. මේ ඒ ගමන්වලදි මං ගත් ඡායාරූපවලින් එකක්..
මම නම් ගත්තෙ පොඩි ඩිජිටල් කැමරාවකින්.. පික්සල් 4.0ක විතර අති සාමාන්‍ය එකක්..ඒත් පොඩි කාලෙ ඉඳන්ම ෆොටෝ ගැහිල්ල මගේ පිස්සුවක් වෙලා තිබුණ හින්දා කැමරාවක් අතට හම්බවුණොත් නිකන් ඉන්න නම් හිතෙන්නේ නැහැ..
