ක්ෂුද්‍ර මැරතන් අවසන් සටහන
දැන්නම් මහන්සියි. තවත් ලියන්න හිතක් නැහැ වගේ.. ශරීර සෞඛ්‍ය ගැන හිතලා නතර කරන්නයි හදන්නෙ..හිතූ වේගෙන් ලියන්න බැරිවුණා.. යන්ත්‍ර දෙකකට වරින් වර මාරුවෙවී ලියන්න ගිය නිසා වේගය අඩු වුණා..
අලකලංචි ගොඩක් මැද්දෙන් 2007 අවුරුද්දත් ඉවර වෙන්නයි යන්නෙ.. මේ අවුරුද්දට සහභාගි වුණ දෙවන මැරතන් තරගය.. එකක් නම් රිලේ එකක් දිවුව.. මේ පාර පොඩි දුරක් නිසා කාගෙත් උපකාර මැද්දෙ පෙර සූදානමකින් තොරව වුණත් යම් තරමකට සටහන් එකතු කරන්න පුළුවන් වුණා..මොනවද ලියන්නෙ කියල හිතාගන්න බැරිව හිටියත් ලියන්න ගත්තහම හිතෙනව විධිමත් සෙවිල්ලක් සහිතව ලිවිය යුතු ගොඩක් දේවල් තියෙනව කියල.. ලංකාවෙ සිංහල ලියවිලි බහුතරයක් විධිමත් ශාස්ත්‍රාලීය හැදෑරීමකින් තොරව ලියවෙන දේවල් නිසා කොය් තරම් පත්තර පිටු පිරී තිබුණත් ඇතැම් විට ඒවායින් කාටවත් පලක් වෙන්නෙ නැහැ. කියවන මිනිසුන්ගේ තර්ක ඥානය අවධි කරවන්නට අසමත්,මතු පිටින් අත ගා දක්වන, විස්තර මට්‍ටමේ ලියවිලිවලින් පලක් නැහැ කියලයි මට හිතෙන්නේ..ඒත් සු ළුවෙන් හරි වෙලාව ලැබෙන ආකාරයට යමක් සඳහන් කර තිබුණොත් අනිත් අය ඒ ගැන වඩාත් කල්පනාවල් අවදි කරන නිසා නොලියා සිටිය යුතු නැහැයි කියලත් ඒ එක්කම හිතෙනව..මේ මැරතන් එකට ලිවු දේවල් පෙර සූදානමකින් ලිවු කරුණු හා හැදෑරීම්වලින් පොහොසත් දේවල් නෙවෙයි..නමුත් දුරට හිතන්නට ඉඟි ඒ තුළ නැතුවා නෙවෙයි.. යළි ඉඩ ලැබුණු විටෙක දීර්ඝ විස්තර සහිතව හමුවන තෙක් මැරතන් දුවන්නට ආ හැමට ආදරයෙන් ස්තූති කරන්නට කැමතියි !
ලබාගෙන එන නව වසර කාගෙත් හිත් සොම්නසින් පිරී යන, තැවුල් සංතාපවලින් දුරස් වූ වසරක් වේවා යි ප්‍රාර්ථනා කරන ගමන් මේ සටහන නිමා කරනවා.
ක්ෂුද්‍ර මැරතන් තරගය වෙනුවෙන් පරිගණක පහසුම් හා ස්ථාන පහසුකම් සැපයූ කාලිංගට ස්තූතියි..
අපි ටිකකින් මේ නොනිදන නගරයේ නිදියන මිනිසුන් අතරට එකතු වෙන්නයි යන්නෙ.


